latest news

Thursday, January 12, 2017

දුවගේ ප්‍රේමයට තිත තියන්න තාත්තා මාළු කපන පිහිය පාවිච්චි කරලා

No comments
love

කොටවිල වරකාපිටිය ප්‍රදේශයේ පියකු විසින් මාළු කපන පිහියකින් විසි එක් හැවිරිදි දියනියක් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටවිල පොලීසිය විසින් හතළිස හය හැවිරිදි පියා පෙරේදා (10දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
තුවාලකාරිය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇත.
තුවාලකාරිය පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත්, ඇගේ මවුපියන් විරුද්ධ වී ඇති අතර, පසුව ඇය වෙනත් ප්‍රදේශයක නතර කර ඇති අතර, ඇය විසින් මේ බව සම්බන්ධකම් පැවැත් වූ අයට දැනුම් දී ඇති බවත්, පසුව ඔහු ඇය ඔහුගේ නිවෙසට ගෙන ගොස් ඇති බවත් කියති.
මේ බව දැනගත් තුවාලකාරියගේ පියා එම නිවෙසට ගොස් දියණියට බැනවැදී ඇති බවත් පසුව සැකකාර පියා ගොස් මාළු කපන පිහියක්ද රැගෙන නැවත පැමිණ කුලී නිවෙසක් බැලීමට යෑමට එන ලෙසට දෙදෙනාටම කතා කර ඔවුන් කැදවාගෙන ගොස් අනතුරුව දියණියට පහරදී තුවාල සිදුකර ඇති බවටද වාර්තා වෙයි.
කොටවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sunday, January 8, 2017

වසර 29 කට පසු ජනවාරි 26 වනදා සිදුවන සෙනසුරු මාරුවේ පලාපල

No comments

එළඹෙන 26 වන ගුරු දින රාත්‍රි 07.19 ට පමණ ශනි ග්‍රහයා දැනට ගමන් කරන කුජ හිමි වෘශ්චික රාශියේ සිට තමාට සම රාශියක්‌ වන ගුරු හිමි ධනු රාශියේ කේතුට අයත් මුල නැකතේ පළමු පාදයට පිවිසීමට නියමිතය. 
2014 වසරේ නොවැම්බර් මස 2 වැනි ඉරු දින රාත්‍රි 09. 05 සිට 2017 වසරේ ජනවාරි 26 වන ගුරු දින රාත්‍රි්‍ර 07.19 දක්‌වා වසර 2 යි මාස 03 කට ආසන්න කාලයක්‌ සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා තමාට සතුරු රාශියක්‌ වූ කුජ හිමි වෘශ්චික රාශියේ ග්‍රහ ගෝචරයේ යෙදුනි. මීට පෙර ශනි ග්‍රහයා 1987 සැප්තැම්බර් 17 වැනිදා සිට 
වසර දෙකහාමාරක කාලයක්‌ ධනු රාශියේ ගෝචර විය.

ග්‍රහ මඬුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමි ග්‍රහයෙකු වන දුකට අධිපති ලෙස ජ්‍යෙdතිෂයේදී හඳුන්වනු ලබන ශනි ග්‍රහයා 29 වසරකට පසු වසර දෙකහාමාරකට ආසන්න කාලයක්‌ වෘශ්චික රාශියේ සතුරුව අසුබව ගමන් කර තවත් සුළු කාලයකින් තම සම රාශිය වූ ධනුට පා තැබීමට නියමිතය. මෙසේ ජ්‍යෙdතිෂයට අනුවත් තාරකා විද්‍යාව අනුවත් සෙනසුරුගේ ධනු රාශි ගමන නිවැරදි අතර පසුගිය වසර කීහපයේ ශනි වෘශ්චිකයේ ගමන් ගත් කාලයට වඩා අපට යම් සුබදායක හා සහනදායී කාලයක්‌ වනු ඇත.

ලග්නයට අනුව සෙනසුරු මාරුව ඔබට බලාන්නේ කෙසේද ?

මේෂ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර හා මීන ලග්න වලට සුබ ඵල උදා වන අතර වෘෂභ, වෘශ්චික, ධනු හා මකර ලග්නවලට අසුබ ඵල උදා වේ. , සිංහ, කුම්භ, යන ලග්නවලට මධ්‍යම සුබ ඵල උදා වනු ඇත.

මේෂ ලග්න හිමිsයන්ට පසුගිය වසර දෙකහාමාරක කාලයක්‌ පැවති ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වය හා තුලා ලග්නයට පැවති ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වයත් මෙම ජනවාරි 26 වන දින සිදුවන සෙනසුරු මාරුවත් සමගින් පහව යනු ඇත. එය සුබදායක තත්ත්වයකි. වෘශ්චික ලග්නයේ ලග්න ගත ඒරාෂ්ඨක අපල තත්ත්වයත් එම ශනි මාරුවත් සමගින් යම් පමණක්‌ සමනය වීමක්‌ දැක ගත හැකිය. ධනු හා මකර ලග්න ඒරාශ්ඨක අපල තත්ත්වයත්, වෘෂභ ලග්නයට ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයත් බලපානු ඇත. ලග්න වශයෙන් පොදුවේ ගත් කල මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, කුම්භ, මීන ලග්නයන්ගෙන් උපන් ඔබට මෙම ශනි මාරුව වාසනාව, සෞභාගය හා පෙර පින උදා කරන අතර කටක හා කුම්භ යන ලග්න හිමි ඔබ සැමට යුග දිවි පැතුම් හා ධන ලාභ උදා වීමේ අවසථා සැලසෙනු අත. මේෂ හා මීන ලග්න ජන්මීන්ගේ බලාපොරොත්තු ඉටු වන බුද්ධිමත් බව උදා වන වසරකි. කන්‍යා හා තුලා ලග්න ඔබට නිවාස, වාහන හා විදේශ සංචාර උදා වීමේ භාග්‍ය හිම්වනවා ඇත. ධනු ලග්නයේ ජන්මීන් හට බාධක මැදින් සිය ජයග්‍රහන හිමි කර ගත හැකි අතර මකර ලග්න ඔබට ආදායම ලැබුණත් වියදම අධික විය හැකිය. මෙම වසරේ ජනවාරි 26 ලග්න අෂ්ඨම ඒරාෂ්ඨකයෙන් මිදුන මේෂ ලග්න ඔබට මෙම ශනි මාරුව පිය උරුමයන් ලැබෙන සාර්ථක ග්‍රහ මාරුවක්‌ වනු ඇත.

මේෂ ලග්නය

මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් 9 වැන්නට සෙනසුරු පැමිණෙන්නේ පසු ගිය වර්ෂ දෙකහාමාරක කාලයක්‌ පැවති ලග්නයෙන් 8 වැන්නේ ශනි ගමන් කිරීම හේතුවෙන් ඇති වී තිබූ අෂ්ටම ඒරාෂ්ඨක අපල තත්ත්වය දුරු කරමිනි. මෙම ශනි මාරුව ඔබට මධ්‍යම සුබ ඵල දායකයි. අවිවාහක අයට මංගල යෝග උදාෙච්. නමුත් බාධා ඇතිෙච්. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බෙහෝවිට උදාවේ. රැකියා අංශ වල රාජ්‍ය අනුග්‍රහය හා උසස්‌ අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥතීන් සමග මත බේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියඵ අංශ වලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොදයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තියනවා. වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. පවතින රෝගාබාධ සුවවන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය. ඔබට මෙම කාලය සාමාන්‍ය වශයෙන් සුබය. එම නිසාවෙන් කායික මානසික වශයෙන් යහපත්ය. ආගමට දහමට නැඹුරු වන කාලයකි.

වෘෂභ ලග්නය

ශනි හෙවත් සෙනසුරු මේෂ ලග්නය හිමි ඹබගේ ජන්ම පත්‍රයේ ලග්නයෙන් 8 වැන්නට හෙවත් ධනු රාශියට පැමිණ සම රාශි ගත වීම ඔබට එතරම් සුබ දායක නැත. මෙම සෙනසුරු මාරුව ඔබට සුබ ඵල වලට වඩා උදා කරන්නේ අසුබ ඵලයි. ශනි ලග්නයෙන් අටවැන්නේ ගෝචර වීම ලග්න අෂ්ඨම ඒරාෂ්ඨකයයි. සෙනසුරු ග්‍රහයා ධනු රාශි ගත ඉදිරි වසර දෙකහාමාරක කාලය අෂ්ඨම ඒරාෂ්ඨක අපල කාලයකි. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවනතාවයක්‌ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. වියදම් පක්‌ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියා වල නිරත අය තම රැකියා ස්‌ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම ස්‌ථාන බාධා බොහෝ දුරට සමනය කර ගත හැකිය. රැකියා අපේක්‌ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක්‌ ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු, වැනි රෝග පීඩා හටගැනීමේ අවධානමක්‌ පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

මිථුන ලග්නය

ඔබේ ලග්නයේ ශනි 7 වැන්නේ ධනු රාශියේ සම රාශි ගත වීම හේතුවෙන් නිශ්ඵල වියදම් වලට සිත යොමු වන කාලයකි. තමා සිටි තැනින් පහතට වැටීමට හෝ ඉවත් වීමට කටයුතු සිදුවනවා ඇත. නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතුවලට බාධා හා ප්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්‌ථා තුළ ගැටලු ඇති වීමට කරණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහඡනයා සමග කරන කටයුතු වලදී අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. කරගෙන යන රැකී රක්‌ෂා වලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත . රැකියා මාරු ඇතිවන කාලයකි. අසනීප වශයෙන් ලිංගාශ්‍රිත රෝගා බාධ, වාත රෝගා බාධා, හිරි වාත, අජීරණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේකෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වෙයි. උප්පත්ති ජන්ම පතේ ශනි 7 වැන්නේ තැන්පත් මිථුන ලග්න හිම්යන්ටත් සිකුරු හා ගුරු දශා ගත කරන්නන්ටත් මෙම ශනි මාරුව යහපත් වනු ඇත. ඔවුන්ට ඉහත අපල තත්ත්වයන් උදාවන්නේ ඉතාම අවම වශයෙනි.

කටක ලග්නය

කටක ලග්නය හිමි ඔබගේ ජන්ම පත්‍රයේ ශනි ග්‍රහයා 6 වැන්නේ හෙවත් ධනු රාශියේ ගමන් කිරීම රාශිය අතින් හා ගෝචරය අතින් සුබ දායක වේ. එසේ වුවත් 6 වැන්න රෝගස්‌ථානය නිසාවෙන් සෙනසුරු එම රෝගස්‌ථානයේ සම රාශිගත වීම හේතුවෙන් පැවති රෝග පීඩා සුව වුවත් ඒවා කල්ගත වීමට හේතුවනු ඇත. සතුරන්ගෙන් ඡය ලැබෙන කාලයකි. සතුරන් පරාඡය කළ හැකි කාලයකි. දේපල දියුණු වන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගනුදෙනු වලින් නිදහස්‌ වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්‌ඩ ගැනීමේ අවස්‌ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතු වලට සුභ ඵල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්‌ථාන මාරු වීම් හෝ උසස්‌ වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමග ගමන් බිමන් යැමට අවස්‌ථාව සැලසේ. මෙම කාලයේ සමාඡයේ ප්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත . සමස්‌ථයක්‌ වශයෙන් බැලූ කල මෙම ශනි මාරුව සුබ ඵල ඇති කිරීමේ ප්‍රවනතාවයක්‌ දක්‌නට ලැෙ€.

සිංහ ලගAනය

ඔබේ ලග්නයේ ශනි ග්‍රහයා 5 වැන්න හෙවත් විද්‍යා ස්‌ථානයේ ගත කරන මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශීෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුභ ඵල උදා කරන කාලයක්‌ නොවනු ඇත. ශනි 5 වැන්නේ ගමන් කරන නිසා අධ්‍යාපනය ලබන ඔබ ඒ සඳහා මහන්සි විය යුතු කාලයකි. දරුපල බලාපොරොත්තු වන ඔබටද මෙම කාලය තුළ එතරම් සුබදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. ඒ සම්බන්ධ ගැටලු හා ප්‍රශ්න උදා විය හැකිය. අධික වියදම් සහිත කාලයක්‌ වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යැමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක්‌ පිළිබඳ අවසන් මොහොතේදි එය බිඳී යැමට හැකිය. මෙම ශනි මාරුව ඹබට එතරම් සුබ දායක නැත.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් 4 වැන්නේ සෙනසුරු ග්‍රහයා ගමන් කිරීම හේතුවෙන් මෙම කාලය තුළ ගෙවල් දොරවල් හා පදිංචි ස්‌ථානය පිළිබඳව යම් යම් ගැටලු අති වීමට ඉඩ ඇත. සිතේ මානසික ඒකාග්‍රතාවය මෙම කාලයේ බිඳ වැටීමට කාරණා යෙදේ. වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මව් පාර්ශ්වයේ නෑදෑයෙකුට යම් අපල දායක තත්ත්වයක්‌ ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාර වලින් පාඩු සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප්‍රවනතාවයක්‌ පවතී. ඔබට වැඩිහිටි නෑදෑයින්ගෙන් දේපල හා යාන වාහන ලැබීමේ අවස්‌ථා උදා වනු ඇත. රැකීරක්‌ෂා කටයුතු වල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. රැකියා අපේක්‌ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක්‌ ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු, වැනි රෝග පීඩා හටගැනීමේ අවධානමක්‌ පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

තුලා ලග්නය

තුලා ලග්න ඔබට වසර හතරහමාරක්‌ පැවති ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වය මෙම ජනවාරි 26 දිනෙන් පසු පහව යනු ඇත. ඔබේ ලග්නයේ සෙනසුරු ග්‍රහයා 3 වැන්නේ ගමන් කරන මෙම කාලය තුළ ඔබට යම් යම් මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. පසු ගිය වර්ෂ හතහාමාරක කාලයක සිට ඔබට පැවති ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වය පහව යාමත් සමග මෙම කාලය ශරීර සනීපයට හේතු වන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපල ලාභ ලැබෙන කාලයකි. අසනීප වලින් සුවය ලබන කාලයකි. උත්සව වලට හා සම්ති සමාගම් වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම සෙනසුරු මාරුවෙන් පසුව යම් ප්‍රමාණයකට ඉහල යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් ම්ලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබ දායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන කාලයකි. තම හිත ම්තුරන් හා නෑදෑයන්ගේ ප්‍රීති උත්සව හෝ මංගල උත්සව වලට සහභාගී වීමට අවස්‌ථාව උදා වනු ඇත. පවුල් ජීවිතයේ සමගිය හා දියුණුව ඇති වනු ඇත.

වෘශ්චික ලග්නය

මෙතෙක්‌ කලක්‌ එනම් වර්ෂ දෙකහාමාරක කාලයක්‌ ඔබගේ ලග්න භාවයේ (හිසේ) සතුරු බල සහිතව ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වයක්‌ ඇති කරමින් ගමන් කළ ශනි ග්‍රහයා එළඹෙන මෙම ජනවාරි 26 සෙනසුරු මාරුවත් සමගින් ලග්නයෙන් 2 වැන්නේ ධනස්‌ථානය හෙවත් ගුරු ට අයත් ධනු රාශියේ සම බල සහිතව ගමන් කිsරීම ඹබට මධ්‍යම සුබ ඵල දායක වනු ඇත. ඔබගේ වසර හතහාමාරක ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වයේ අවසන් වසර දෙකහාමාරක කාලයට පැමින ඇත. පසුගිය කාලය පුරා පැවති මානසික පීඩාකාරී තත්ත්ව ධන හානි හා කරදරකාරී තත්ත්ව යම් ප්‍රමානයකට පහව යනු ඇත. කෙසේ වෙතත් ඉදිරි කාල සීමාව තුළ යම් යම් හදිසි අනතුරු හා යම් බාධා ඇතිවන කාලයකි. ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්‌සන අඩු වන අතර ශරීර ශක්‌තිය හීන වීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදම් ඇතිවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තද බල අගහිඟ තා ඇති වීමට හැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් ගැටලු හා ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිමත් වන්න. පහසුවෙන් දත් දිරායාමකට හෝ දත් සම්බන්ධ රෝගා බාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ අසාදන ඇති වීමට හැකියාවක්‌ පවතී. මුහුණේ ලප කැළැල් ඇති විය හැකිය.

ධනු ලග්නය

විශ්ව කේන්දරයේ 9 වන ලග්නය වන ධනු ලග්නය හිමි ඔබගේ ලග්න භාවයට ශනි ග්‍රහයා පැමිණ සම රාශි ගත වනු ඇත. 2014 වර්ෂයේ නොවැම්බර් සිට වසර හතහාමාරක ලග්න ඒරාෂ්ඨක අපලය ආරම්භ කරමින් වෘශ්චික රාශියේ (ඔබගේ ලග්නයේ 12 වැන්නේ ) සෙනසුරු සතුරු බල සහිතව ගමන් කළ කාලයේ සිටම ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වයක්‌ ඇති කරමින් ගමන් කළ සෙනසුරු ඔබේ ලග්නයේ ම සම රාශි ගත වීම ඔබට එතරම් සුබ වාදී නොවනු ඇත. බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවනතාවයක්‌ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක්‌ හෝ විපතක්‌ ඇති විය හැකිය. මෙම කාලයේ නඩු හබ වලට යාමෙන් ඒවායින් ජය ගත නොහැකි අතර එය තමාට ඉතාම අවාසි සහගත වනු ඇත. රැකියා ස්‌ථානයේ විවිධ කරදර බාධක, රැකියා මාරු ඇතිවන කාලයකි. ඹබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටලු කාරී තත්ත්වයන් ඇති විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඹබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හිසේ ආබාධ මානසික පීඩා තත්ත්වයන් ඇති විය හැකිය. තම සහෝදර සහෝදරියන් සමග මත ගැටුම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුළින් එම තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙයි.

මකර ලග්නය

මකර ලග්නය හිමි ඔබගේ ලග්න භාවයෙන් දෙළොස්‌වැන්නට හෙවත් වැයස්‌ථානය වන ධනු රාශිය වෙත ලග්නාධිපති සෙනසුරු ගමන් කරන්නේ වසර හතහාමාරක ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වයක්‌ද ඇති කරමිනි. ඔබගේ වැය පක්‌ෂය ඉහල යන අතර ධන හානි ඇති කරයි. අතේ මුදල් නොරැඳෙන කාලයකි. මෙම කාලය තුළ නීතිමය ප්‍රශ්න ඇති විය හැකිය. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරෝතු ඉටු වීමේ ප්‍රමාදයක්‌ ඇති වන අතර රැකියා වල නිරත අයගේ එම රැකියා ස්‌ථාන වල යම් යම් ගැටලු ඇති වීමට හැකියාව පවතී. ඔලුවේ කැක්‌කුම් ස්‌නායු ආබාධ මුත්‍රා අබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්‌ෂා විය යුතුය. විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් ඒම කාරණා සම්භන්ධයෙන් යම් යම් ගැටලු කාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවනතාවයක්‌ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක්‌ හෝ විපතක්‌ ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරම් සුබ දායක නැත. ස්‌ත්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.

කුම්භ ලග්නය

ඔබේ ජන්ම පත්‍රයේ ලග්නාධිපති ශනි ග්‍රහයා ජනවාරි 26 වන දා සිට ලග්නයෙන් 11 වැන්නේ හෙවත් අයස්‌ථානයේ ගමන් කිරීම ඔබට සුබපල ගෙන දෙන පිහිටීමකි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්‌ෂ යෙන් විශේෂ උදවූ උපකාර හිමිවේ. දරු ඵල අපේක්‌ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා උදාෙච්. රැකියා අංශ වල මෙන්ම විසිතුරු භාණ්‌ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිවේ. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතු වලින් දක්‌ෂතා ගෙන දෙයි. සේවක ගැටළු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධ ව ගැටලු පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගා බාධ හට ගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියා වල නිරතවන්නන්ට සුබ දායකය. රෝග වලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌ වීම් මෙන්ම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

මීන ලග්නය

විශ්ව කේන්දරයේ දස වන ලග්නය වන මීන ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් 10 වන භාවය හෙවත් කර්මස්‌ථානයට ශනි ග්‍රහයා පැමිණ සම රාශි ගත වනු ඇත. මෙම ග්‍රහ මාරුව නිසාවෙන් ඔබට රැකියා අංශ වල යම් යම් බාධා හා කරදර වලට ලක්‌ වීමට සිදුවනු ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස්‌ අධ්‍යාපන අවස්‌ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස්‌ වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ අතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස්‌ වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහල යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස්‌ අධ්‍යාපන අවස්‌ථා උදා වේ. ව්‍යාපාර අංශ වලට සුබ දායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස්‌ වීම් වලට හේතු


ජ්‍යෙතිෂවේදී, බණ්‌ඩාරගම,
සම්පත් එස්‌ කල්පගේ
"තසුනි" සෙත්කවි හා ජ්‍යෙතිෂ සේවය

Friday, January 6, 2017

බදුලු කෝච්චියේ බෝම්බ කතාව පිටුපස සිටි මේ අවුරුද්දේ උසස් පෙළ ලියන සිසුවිය ගැනයි

No comments
al

බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියේ බෝම්බයක්‌ තිබෙන බවට පොලිසිය වෙත අසත්‍ය තොරතුරක්‌ ලබා දීමේ චෝදනාව මත කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යාව රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (04 වැනිදා) නියෝග කළාය.
මෙහිදී මහෙස්‌ත්‍රාත්වරිය මෙම පාසල් ශිෂ්‍යාවට දැඩි ලෙස අවවාද කළ අතර ඇගේ දෙමාපියන්ට ද තම දියණිය කෙරෙහි මීට වඩා අවධානයකින් සිටින ලෙස අවවාද කර තිබේ.
මෙම පාසල් ශිෂ්‍යාවගේ පෙම්වතා මිතුරන් පිරිසක්‌ සමඟ ඉකුත් 26 වැනිදා බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියෙන් හැටන් ප්‍රදේශයේ චාරිකාවක්‌ යැමට සූදානම් කරගෙන සිට ඇත. මෙම චාරිකාව යැමට පාසල් ශිෂ්‍යාව කැමැත්ත පළ කර නැත.
පාසල් ශිෂ්‍යාව තම පෙම්වතාගේ විනෝද චාරිකාව නතර කිරීමේ අරමුණෙන් ඔහු මිතුරන් සමඟ හැටන් බලා ගමන් ගැනීමට නියමිතව තිබූ තැපැල් දුම්රියේ බෝම්බයක්‌ තිබෙන බවට පොලිසියට දැනුම් දීමක්‌ කර තිබූ බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
පාසල් ශිෂ්‍යාව 119 හදිසි ඇමතුම් ඒකකය වෙත ඇමතුමක්‌ ලබා දී පවසා ඇත්තේ තමන් බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියේ ගමන් කරන තරුණියක්‌ බවත්, තමන් අසල සිටි පුද්ගලයකු වෙනත් අයකු සමඟ දුරකථනයෙන් කතා කර බදුල්ල දුම්රියේ බෝම්බයක්‌ සවිකළ බව පැවසූ බව තමන්ට ඇසුණු බවත්ය.
එම තොරතුර සැලවීමෙන් පසු කොටුව දුම්රිය ස්‌ථානයට පැමිණි පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය බදුල්ල බලා යැමට තිබූ රාත්‍රි තැපැල් දුම්රිය දැඩි පරීක්‍ෂාවට ලක්‌ කළහ.
එහෙත් සැකකටයුතු කිසිවක්‌ සොයා ගැනීමට පොලිසිය සමත් නොවීය. හදිසි ඇමතුම් අංශයට ලැබුණු දුරකථන ඇමතුම පිළිබඳව සැක පහලකළ කොටුව පොලිසිය ඒ පිළිබඳව සොයා බැලීමේදී හෙළි වූයේ මෙම තොරතුර අසත්‍ය එකක්‌ බවය.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ කොටුව පොලිස්‌ ස්‌ථානාධිපති ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු මෙම ඇමතුම ලබාදුන් තරුණිය සොයා ගත්හ.
කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි තරුණිය 18 හැවිරිදි වියේ පසුවන පාසල් ශිෂ්‍යාවකි. ඇය මේ වසරේ අ.පො.ස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින ශිෂ්‍යාවකි.
කොටුව මහෙස්‌ත්‍රාත්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම ශිෂ්‍යාව කර ඇති වරද ඉතාම බරපතළ එකක්‌ බවත් ඇය අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින ලාබාල ශිෂ්‍යාවක්‌ නිසා අවවාද කර ඇප මත මුදා හරින බවත් ය.
හේමන්ත රන්දුණු සහ ඒ. ඡේ. ඒ. අබේනායක
දිවයින

පහරදී රෝහලේ හිටපු බිරිඳට කැතම වැඩක් කරපු නරුම ස්වාම පුරුෂයෙක්

No comments
women in hospital
සිය පුරුෂයා පහරදීම නිසා කෑගල්ල මහ රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටි එක්දරු මවකට යළි ඊයෙ (5දා) අලුයම ස්වාමිපුරුෂයා පැමිණ පහර දෙමින් සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් බේරාගෙන ඇති කාන්තාවක් පිළිබද කෑගල්ල මහ රෝලෙන් වාර්තා වෙයි.
මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිද එක්දරු මවකි. කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාව සිය සැමියා සමග අමනාප වී දරුවා රැගෙන මවුපියන් ළගට ගොස් ජීවත් වෙමින් සිට ඇත.
පසුව ඔහු බිරිය පදිංචිවී සිටින නිවෙසට ගොස් පහරදී ඇති අතර, ඇයගේ මවුපියන් විසින් කෑගල්ල මහ රෝහලට ඇයව ඇතුළත් කර සිට ඇත.
ඊයෙ (15දා) අලුයම යළි මෙම කාන්තාවගේ සැමියා ඇය බැලීමට කෑගල්ල මහ රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිය බිරියට පහරදී ඇත. මේ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය ඇය බේරාගෙන ඇත.

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්
දමුණුපොළ – චමින්ද ජයලත්

Sunday, December 4, 2016

ලොකු මුදලක් වියදම් කර තැනු බොලිවුඩ් ගීතය

No comments

අලියා බාත් සජීවී වැඩසටහනකදී එක අතක් අනෙක් පැත්ත හරවයි – ශාරුක් කොරවෙයි

No comments
අලියා බාත් සජීවී වැඩසටහනකදී එක අතක්
අනෙක් පැත්ත හරවයි – ශාරුක් කොරවෙයි

ads

News

Latest News

Gossip

Gallery

News Videos